FAST NEWS

24×7 Around the Globe

රියදුරු බලපත්‍රය ලබාගැනීමේදී අද සිට පරිඝනක පරීක්ෂණයක්..

රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා පවත්වන ලිඛිත විභාගය පරිඝනක පද්ධතියක් හරහා සිදුකිරීම අද (12) සිට ආරම්භ කරනු ඇත.
වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු කාර්යාලයේදී මෙය ප්‍රථමයෙන් ආරම්භ කිරීමට කටයුතු සූදානම්කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා සදහන් කරයි.
මෙම කටයුත්ත සඳහා අවශ්‍ය පරිඝනක යන්ත්‍ර 143 ක් සවිකර ඇති අතර, මෙය දිවයිනේ සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත කරන බවත් ඔහු පවසා සිටියි.
පරිගණක තිරය මත දිස්වන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම මෙහිදී සිදුවන අතර, ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු සපයා අවසන් වනවිට අපේක්ෂකයා ලබාගත් ලකුණු ප්‍රමාණය පරිගණක තිරය මත ඒ මොහොතේම දිස්වනු ඇත. මෙම ක්‍රමවේදය හරහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීම කඩිනම් වන බවද ජගත් චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
D.Undugoda