FAST NEWS

24×7 Around the Globe

අධිකරණ නි.ඇමැති පොලීසියෙන් වන්දි ඉල්ලයි.

හබරකඩ ප‍්‍රදේශයේදී ඉකුත් ජූලි 23 වැනිදා නීත්‍යානුකූල මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වල නිරත වෙමින් සිටියදී තමාට බාධා කළ පොලිස් නිලධාරීයාට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ඉල්ලා අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

මෙම සිද්ධියෙන් තමාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන පහක වන්දි මුදලක් ලබා දෙන ලෙසද පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

අතුරුගිරිය පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මහානාම, පොලිස් සැරයන් ගාමිණිවංශ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර , පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.