FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම කිරිමට තීරණය වෙයි..

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම වූවන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ඊයේ (10) පැවති කැබිනට් මණ්ඩලය රැස්විමේදි තීරණය වු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමීන් සඳහන් කළේය.
මේ වන විට මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් 19 දෙනෙකුට අධිකරණයෙන් මරණ දඬුවම නියම කර ඇති බවත් හෙතෙම මෙහිදි පැවසීය.
එසේම මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා ත්‍රිවිධ හමුදාවල සක්‍රීය දායකත්වය ලබා ගැනීමට කැබිනට් මණ්ඩල රැස්විමේදි සාකච්ඡා වු බවද එ මහතා වැඩි දුරටත් පැවසීය.
DE සිල්වා