FAST NEWS

24×7 Around the Globe

සුළගේ වේගය වැඩි විමේ හැකියාව ඉදිරියටත්..

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩි විමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින බව අද (11) පෙරවරු නිකුත් කළ කාළගුණ නිවේදනයෙහි සඳහන් වෙයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන අතර උතුරු මැද පළාතේ සිහින් වැසි ඇතිවිය හැකි බවද එහි සඳහන් වෙයි.
එසේම සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථාන වලට මි.මී.75 ක පමණ තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බවද සඳහන්.
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයෙහි වැඩි දුරටක් සඳහන් වෙයි.
DE සිල්වා