FAST NEWS

24×7 Around the Globe

අද (10) මධ්‍යම රාත්‍රි සිට ඉන්ධන මිල ඉහළට..

අද (10) මධ්‍යම රාත්‍රි සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට තීරණය කර ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජීත සේනාරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයයට එළඹ ඇති බවද එ මහතා පැවසීය.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 8 කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 7 කින් ඉහළ යනු ඇත.
ඩීසල් ලීටරයක මීල රුපියල් 09 කින් හා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් වැඩි කෙරෙන බවද හෙතෙම පැවසීය.
සෑම මාසයකම 10 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට මෙම සකච්ඡාවේදි තීරණය වි ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
De සිල්වා