FAST NEWS

24×7 Around the Globe

මහානාම හා දිසානායක යළි රිමාන්ඩ්..

ජනාධිපති කාර්යාලයේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එච්.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පි. දිසානායක යන අය ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.
කන්තලේ සීනි කර්මාන්ත ශාලාව සතුව පවතින යන්ත්‍ර සූත්‍ර ඉන්දියාවේ පෞද්ගලික සමාගමක් වෙත අඩු මිලට විකිණීම සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 20 ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් මෙම දෙදෙනා සැකපිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් පසුගිය මැයි 03 වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියහ.
DE සිල්වා