FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ පොදුජන පෙරමුණ බිහිකිරිමේ යෝජනාව අද (10) එයි..

ඒකාබද්ධ පොදුජන පෙරමුණ බිහිකිරීමේ යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) සවස 5.00 ට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී ඒකාබද්ධ විපක්ෂයේ මෙම පක්ෂ නායක රැස්වීමට තමන් විසින් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
පළාත් සභා මැතිවරණය ඇතුළු ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඒකාබද්ධ පොදුජන පෙරමුණ බිහිවිය යුතු බවත් එහි ප්‍රතිපත්ති ප්‍රකාශයද කඩිනමින් රට හමුවේ තැබීමට ක්‍රියා කරන බවත් නානායක්කාර මහතා පැවසීය.
ආණ්ඩු විරෝධී බලවේගවලට එකට එක්වී පුළුල් ජාතික බලවේගයක් ගොඩනැංවීම සඳහා ඒකාබද්ධ පොදුජන පෙරමුණ කඩිනමින් පිහිටුවිය යුතු බවද නානායක්කාර මහතා පෙන්වා දුන්නේය.
DE සිල්වා