FAST NEWS

24×7 Around the Globe

රථ වාහන වැරදි දඩ 15 වැනිදා සිට ඉහළට..

මෝටර් වාහන පනතට අනුව රථ වාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල ලබන 15 වැනිදා සිට ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව පොලිස් රථ වාහන කොට්ඨාශය සඳහන් කළේය.
අදාළ ගාස්තු සංශෝධනය මේ වසරේ ජනවාරි මස 15 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කළේය.
මේ අනුව රථ වාහන වැරදි 33ක් සඳහා වු ස්ථානීය දඩ මුදල සීයයට 30 ත් 50ත් අතර අගයකින් ඉහළ දමා ඇති බවත් මීන් පෙර අධිකරණය හමුවට පැනවූ රථ වාහන වැරදි සම්බන්ධයෙන් ද මෙහිදි නව දඩ පත්‍රිකා නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
නව දඩ සංශෝධනය..
අධික වේගයෙන් ගමන් කිරීම – රුපියල් 3000
මාර්ග නීති රීති කඩ කිරීම – රුපියල් 2000
පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය කිරීම – රුපියල් 2000
මාර්ගයක වාහනයක් නවතා තැබීමේ දී පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගැනී- රුපියල් 2000
උපදේශක බලපත්‍රයක් නොමැතිව උපදේශක කටයුතුවල නිරත වීම – රුපියල් 2000
ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය නොකිරිම – රුපියල් 1000ක් වී තිබේ.
වාහනයකින් අධික ශබ්දය නිකුත් කිරීම – රුපියල්1000
මෝටර් රථයක් මාර්ගයක නතර කිරීම – රුපියල්1000
ආරක්ෂක හිස් වැසුම් පැළඳීම පැහැර හැරීම – රුපියල්1000
ආසන පටි භාවිත නොකිරීම – රුපියල් 1000
නුසුදුසු සංඥා භාවිතය – රුපියල් 1000
අදාළ සියලු දඩ මුදල් සංශෝධනයන් ලබන 15 වන දින සිට ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා වන නව දඩ පත්‍රිකා මුද්‍රණය කිරීම මේ වන විටත් අවසන් කර සියලු පොලිස් ස්ථාන වෙත ලබා දී ඇති බව පොලිස් රථ වාහන කොට්ඨාශය වැඩි දුරටත් සඳහන් කළේය.

DE සිල්වා