FAST NEWS

24×7 Around the Globe

කාන්තාවන්ට මත්පැන් මිළදී සහ අලෙවි කිරිමට ඉල්ලු පෙත්සම විභාගයට නියෝග..

කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීමට සහ මත්පැන් අලෙවි කරන ස්ථානවල සේවය කිරීමට අවකාශ සලසා දෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් අවලංගු කිරීමට පසුව රජය ගත් තීරණය නීති විරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා කාන්තාවන් පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමට අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (09) නියෝග කළේය.
පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් සහ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති මුදල් අමාත්‍ය මංගල සමරවීර ,අමාත්‍යාංශයේ ලේකම් ඇතුළුව පනස් දෙනෙකු වෙත නොතීසිද නිකුත් කෙරුණී.
කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ඇතුළුව කාන්තා ක්‍රියාකාරීන් කීප දෙනෙකු ඉදිරිපත් කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණී.
කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීමට සහ විකුණනු ලබන ස්ථානවල සේවය කිරීමට අවකාශ ලබා දෙමින් නිකුත් කළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ උපදෙස් මත අවලංගු කිරීමට ගත් තීරණය මුළුමනින්ම නීතියට පටහැණි බවත් මේ තුළින් කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද අදාළ පෙත්සම මගින් පෙත්සම්කාරියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර සිටියේය.
මේ අනුව දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අදාළ විරෝධතා තිබේනම් එ පිළිබඳව පෙබරවාරි මස 06 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නැයි වගඋත්තරකාර මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු පාර්ශවයන්ට නියම කළේය.
DE සිල්වා