පසුගිය රජයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී අයථා ආකාරයෙන් උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැයකොට කොළඹ කිංසි පාරේ නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේ විභාගයට ගැනීමට කොළඹ මහධිකරණ ප්‍රධාන විනිසුරු ඒ. ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (09) නියම කළේය.
මහින්දානන්දගේ නඩු විභාගය මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන්ට..








