FAST NEWS

24×7 Around the Globe

සුළගේ වේගය වැඩි වෙයි – පළාත් කිහිපයකට වැසි..

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය තරමක් දුරට වැඩිවීමේ හැකියාවක් පවතින බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (09) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
එසේම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර වයඹ පලාතේ තැනින් තැන සිහින් වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.
තවද දිවයින හරහා, විශේෂයෙන් දකුණ, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත් වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.40-50 පමණ තරමක් තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.
DE සිල්වා