FAST NEWS

24×7 Around the Globe

එජාපය මළ සිරුරු ගොඩගනිමීන් ජන්ද වැඩිකර ගැනීමේ උත්සාහයක – ඩිලාන්

මැතිවරණ කටයුතුවලදී බංකොළොත්වූ එජාපය ගොඩගත යුතු මළ සිරුරු වෙනුවට ඔවුන්ට අදාළ නැති වෙනත් මළ සිරුරු ගොඩගනිමින් තම ඡන්ද ප්‍රමාණය වැඩි කරගැනීමේ උත්සාහයක යෙදෙමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා අද (10) ශ්‍රීලනිප මූලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මහ මැතිවරණය ගැන බුද්ධිමතුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා නීතිඥයන් පිරිසක් වෙන වෙනම කළ සමීක්ෂණ අනුව සන්ධානය ආසන 118ක්, 114 ක් හෝ 112 ක් ලබාගන්නා බවට තොරතුරු ලැබී ඇතැයිද ඩිලාන් පෙරේරා මහතා කීවේය.