FAST NEWS

24×7 Around the Globe

කෝට්ටේ බල ප්‍රදේශයට හා කොළඹ 05 ට හෙට ජලය කපයි..

හෙට (07) පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පැය 9 ක කාලයක් කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශයට සහ කොළඹ – 05 ට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.
හදිසි හා අත්‍යාවශ්‍ය ජල – නල අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබ ඇත.
ඊට අමතරව, එම කාලය තුළදී කොළඹ – 04, කොළඹ – 06, කොළඹ 07, කොළඹ 08, මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.