FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම ලේ බැංකුවේ වෛද්‍යවරුන් සේවයෙන් ඉවත් වීමේ සූදානමක්..

මධ්‍යම ලේ බැංකුවේ සිදුවන අවධිමත් ක්‍රියා පිළිවෙත නවතා දැමීමට බලධාරීන් කටයුතු නොකරන නිසා එයට එරෙහිව මේ මස 09 වැනිදා සිට එම ආයතනයේ වෛද්‍යවරුන් සේවයෙන් ඉවත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරයි.
එම ආයතනයේ තොරතුරු පිටස්තර පුද්ගලයන් අතට පත්කිරීම හා ආයතනයේ වෛද්‍යවරුන් අපහසුතාවට පත්වන ආකාරයට වැඩ බලන අධ්‍යක්ෂවරයා කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (05) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ නිසා එයට විරෝධය පා මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බවත්, මේ අනුව මුලින්ම මධ්‍යම ලේ බැංකුවට ලේ එකතු කරගැනීමේ කටයුතුවලින් ඉවත්වන බවත් ඔහු පවසා සිටියේය.
එහෙත් මධ්‍යම ලේ බැංකුවේ ගබඩා කර තිබෙන ලේ නිකුත් කිරීම සිදුකරන බවත්, ලේ එකතු කිරීමක් සිදුනොවූ පසු ටික දිනකින් නිකුත් කිරීමට ලේ නොමැති වන බවත් හෙතෙම සඳහන් කළේය.