FAST NEWS

24×7 Around the Globe

කොටහේන ප්‍රදේශයේ දින කීපයකට වාහන සීමා කිරීමක්…

කොටහේන හෙට්ටියාවත්ත මංසන්දියේ සිට ඉබ්බගෙවත්ත මංසන්දිය දක්වා මාර්ගයේ වාහන ගමනා ගමනය හෙට (06) පස්වරු 9.00 සිට ලබන 09 වැනිදා පෙරවරු 5.00 දක්වා සිමා කරන බව පොලිසිය නිවේදනය කරයි.
ජල නල එලීමේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස වාහන ගමනා ගමනය සීමාකිරීමට තීරණය කර ඇත.
මේ හේතුවෙන් මෙම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.