FAST NEWS

24×7 Around the Globe

වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිට වරෙන්තු..

වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය අද (05) වරෙන්තුවක් නිකුත් කළේය.
මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේ මොහුට එරෙහිව විභාග වන නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.
නීතිවිරෝධී ලෙස පස් ප්‍රවාහනය සඳහා අවසර ලබාදීමට රුපියල් ලක්ෂ 10 ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසන් මොහුුට එරෙහිව නඩු පවරා ඇත.