FAST NEWS

24×7 Around the Globe

සියලු පාසල් සදහා අධ්‍යාපන සුපරීක්ෂණ මණ්ඩලයක්..

රජයේ පාසල් හා පෞද්ගලික පාසල් මෙන්ම ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම සඳහා “අධ්‍යාපන සුපරීක්ෂණ මණ්ඩල” පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිපත්ති සම්පාදන හා කාර්යසාධන සමාලෝචන පිළිබඳ අතිරේක ලේකම් ආචාර්ය මධුරා වේහැල්ල මහත්මිය සඳහන් කර සිටියේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම යන රජයේ ප්‍රතිපත්තිගත ක්‍රියාවලිය යටතේ මෙම සුපරීක්ෂණ මණ්ඩල පත් කිරීමට පියවර ගන්නා බවයි.
සම සාධාරණ අධ්‍යාපන අවස්ථා ගොඩනැගීම හා ගුරුවරුන්ගේ සුදුසුකම් මෙන්ම අධ්‍යාපනයේ සම ප්‍රභේද පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව ඇය සඳහන් කළාය.
මීට අදාළ කටයුතු පළාත් මට්ටමින් කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව වේහැල්ල මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.