FAST NEWS

24×7 Around the Globe

විජයකලාගේ ප්‍රකාශයට යුද හමුදාපති දුන් පිළිතුර…

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පසුගියදා කළ ප‍්‍රකාශය යුද හමුදාව විසින් හෙළා දකින බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කර සිටියි.
මෙම ප‍්‍රකාශය රජයේ සංහිඳියා වැඩපිළිවෙලට ද බාධාවක් බව ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියි.
විජයකලා මහේෂ්වරන්ගේ අමාත්‍ය ධුරය අහිමි කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන බව රණවිරු සංගම් පවසා සිටින අතර ඇයව අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කළ යුතු බව ඔහුන් පෙන්වා දෙයි.
රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගයේ සභාපති, ආබාධිත සෙබල කෝප‍්‍රල් යු. ඞී. වසන්ත මහතා ප්‍රකාශ කර සිටියේ විජයකලා මහේෂ්වරන් මෙන්ම ආණ්ඩුවේ තවත් නියෝජිතයින් ද රණවිරුවන් කම්පාවට පත් කරන සුළු කණගාටුදායක ප‍්‍රකාශ ඉකුත් සමයේ සිදු කළ බවයි.