FAST NEWS

24×7 Around the Globe

යශෝධ රංගේබණ්ඩාරගේ නඩුව ලබන 24 දක්වා කල් යයි..

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර විසින් හලාවත ප්‍රදේශයේ සිදුකළ රිය අනතුරක් සම්බන්ධ නඩුව ලබන 24 වැනිදා නැවත කැඳවීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රත් මංජුල තිලකරත්න මහතා අද 05 නියෝග කළේය.
පසුගිය මස 06 වැනිදා මෙම අනතුර සිදුවී තිබු අතර එහිදී තුවාල ලැබූ යශෝධ රංගේබණ්ඩාර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය කැමැත්තෙන් පිටව ගිය ඔහු පුද්ගලික රෝහලකට ඇතුළත් වී ප්‍රතිකාර ලැබූ අතර එම පුද්ගලික රෝහලට පැමිණි කඩුවෙල මහේස්ත්‍රාත්වරයා යශෝධ රංගේබණ්ඩාරව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණි.
පසුගිය මස 14 වැනිදා යශෝධ රංගේබණ්ඩාරව හලාවත දිසා විනිසුරුවරයා විසින් රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය.
පසුගිය 26 වැනිදා මෙම නඩුව යලි කැදවූ විට අනතුරින් අලාභ හානි වූ නිවස ජූලි මස 05 වැනිදාට පෙර සාදා නිම කරන ලෙස දිසා විනිසුරුවරයා නියෝග කර එදින දක්වා නඩුව කල් තැබිනි.
ඒ අනුව 05 වැනිදා නඩුව කැදවූ අවස්ථාවේදී යශෝධ රංගේබණ්ඩාර වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ ෂෙරාන් දේවප්‍රිය හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ අදාළ නිවසේ තිබී අලාභ හානි වූ බව කියන ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරන මේ වන විට ලබා දී ඇති බවත්,නිවසේ අළුත්වැඩියා කිරීමේ කටයුතු 90% ක් අවසන් වී ඇති බවත්ය.