FAST NEWS

24×7 Around the Globe

හික්කඩුවේ මුහුදු ගිය 07 ක් අතුරුදන්…

හික්කඩුව තොටගමුව ප්‍රදේශයේ පදිංචි ධීවරයින් 07 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් දැනට සතියක කාලයක් තිස්සේ අතුරුදහන්වී ඇත.
එම ධීවර යාත්‍රාවේ හිමිකරු වන හික්කඩුව තෙල්වත්තේ පදිංචි එම්. ඩබ්ලිව්. රොහාන් මනෝජ් මහතා කියා සිටියේ ධීවර යාත්‍රාවේ අතුරුදහන්වීම පිළිබඳව තමා මේ වන විට ධීවර අමාත්‍යංශයට හා නාවික හමුදාවට දන්වා ඇති බවයි.
ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය සින්දුර් – බහුදින යාත්‍රාව මෙසේ මහ මුහුදේ අතුරුදහන්වී ඇත.
එම බහුදින ධීවර යාත්‍රාව ජුනි මස14 වැනිදා පස්වරු 1.30 ට ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති අතර ජුනි මස 29 වැනිදා පස්වරු 5.00 වන තෙක්ම ගොඩබිම සමග සම්බන්ධතා පවත්වා ඇත.