FAST NEWS

24×7 Around the Globe

පාසල් වසා දමන ලෙස බලපෑම් කළ නිලධාරීන්ට වැඩ වරදියි..

තම වෘත්තීය බලතල යොදා ගනිමින් ඊයේ (04) දිනයේදී පාසල් වසා දමන ලෙස ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට බලපෑම් කළ නිලධාරීන්ට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඇතැම් නිළධාරීන් විසින් පාසල් නොපැමිණෙන ලෙස සිසු දරුවන්ටද දැනුම් දී ඇති බවට පැමිණිලි රැසක් ලැබි ඇති බවද ඇමැතිවරයා සදහන් කරයි.
එබැවින් ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්, අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට කිසිදු බලවේගයකට ඉඩ නොදෙන බවත්, ඒ මහතා අවධාරණය කළේය.
විවිධ බලපෑම් හමුවේ පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදී පවත්වාගෙන යාම සඳහා ඊයේ දින සේවයට වාර්තා කළ සියලුම විදුහල්පතිවරු හා ගුරුවරුන්ට සිය ස්තූතිය ප්‍රකාශ කරන බවද අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවැසීය.