FAST NEWS

24×7 Around the Globe

ජාතික විගණන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද..

ජාතික විගණන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද (05) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව ඇත.
මෙම පනත් කෙටුම්පතේ ඇතුළත් කාරණා වන්නේ ජාතික විගණන කොමිෂන් සභාවේ බලතල, කාර්යයන් හා ජාතික විගණන කාර්යාලය මෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය පිහිටුවීම සඳහා වන විධිවිධාන යන කරුණු කාරණායි.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉකුත් අප්‍රේල් 03 වැනිදා මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.