FAST NEWS

24×7 Around the Globe

මත්තල ගුවන් තොටුපල සම්බන්ධයෙන් ඉන්දු – ශ්‍රී ලංකා සාකච්ඡා..

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳව අද (04) පස්වරුවේ ඉන්දීය නියෝජිතයන් සමඟ සාකච්ඡා කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරනු ලැබීය.
අධික පාඩු ලබන තත්වයක් යටතේ එය පවත්වාගෙන ගියද විකිණීමේ කිසිදු සූදානමක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඒ වගේම මත්තල ගුවන් තොටුපලේ පාඩුව පියවා ගැනීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආදායමින් රුපියල් බිලියන 03 ක මුදලක් යොදාගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.