FAST NEWS

24×7 Around the Globe

පාසල් වැඩ වර්ජනය සාර්ථකයි…ඉසුරුපාය අසල උණුසුම් තත්ත්වයක්

මේ වන විට බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට වෘත්තීය සමිති දෙපිරිසක් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් බත්තරමුල්ල කොට්ටාව මාර්ගයේ කොට්ටාව දෙසට වාහන ගමනා ගමනය අවහිර වී ඇත.
අද දිනයේ දියත් කර තිබෙන වැඩ වර්ජනය හේතුවෙන් පාසල් 10162 න් 90% ක වැඩකටයුතු අඩපණ වී තිබෙන බවත් විදුහල්පතිවරුන් 15,000 කට අධික ප්‍රමාණයකින් 72% ක් ලෙඩ නිවාඩු වාර්තාකර තිබෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් එකමුතුව සඳහන් කරයි.
ගුරුවරුන්ගෙන් 80%කට ආසන්න ප්‍රමාණයක් සේවයට වාර්තාකර නොමැති බවත් පාසල්වලට ළමයින්ගේ පැමිණීමත් විශාල ලෙස අඩු වී තිබෙන බව එම සංගම් නියෝජිතයෝ පවසයි.