FAST NEWS

24×7 Around the Globe

යාපනය කොට්ඨාශයේ පොලිස් නිලධාරින්ගේ නිවාඩු අද සිට අවලංගුයි..

යම් යම් ප්‍රකාශත් සමග පසුගිය දින කිහිපය තුළ ඇති වූ සිද්ධීන් සැලකිල්ලට ගෙන යාපනය කොට්ඨාශයේ සියලුම පොලිස් නිලධාරින්ගේ නිවාඩු අද සිට අවලංගු කර තිබේ.
අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කඩිනමින් අවසන් කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව යාපනය ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේය.
උතුර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් මීට සහාය ලබා ගැනීම සඳහා වව්නියාව සහ මන්නාරම යන පොලිස් කොට්ඨාශවලින් අමතර පොලිස් නිලධාරින් සියයකට ආසන්න ප්‍රමාණයක් යාපනය කොට්ඨාශ වෙත කැඳවා තිබෙනවා.