FAST NEWS

24×7 Around the Globe

දඹුල්ල ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක් විනාශ කළ 05ක් රිමාන්ඩ්..

දඹුල්ල වෑවලවැව ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයක් විනාශ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 05 දෙනෙකු ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙම සැකකරුවන් ඊයේ (03) දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය සිදුකර ඇත.
පෙරේදා රාත්‍රී 9.00 ට පමණ දඹුල්ල පොලීසියට ලද තොරතුරකට අනුව මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ පුරාවිද්‍යා ස්ථානය විනාශ කිරීම සඳහා යොදාගත් යන්ත්‍ර කිහිපයක් ද සමඟයි.