FAST NEWS

24×7 Around the Globe

අධ්‍යාපන වෘත්තීය සමිති ලෙඩ නිවාඩු…..පාසල් වැඩකටයුතු අඩපණ වෙයි

අධ්‍යාපනයට සම්බන්ධ වෘත්තීය සමිති 15 කට අධික සංඛ්‍යාවක් එක්ව පවත්වන වැඩවර්ජනය හේතුවෙන් අද (04) දිනයේදී පාසල් බොහෝමයක කටයුතු අඩපණ වී ඇති බව වාර්තා වෙයි.
මෙම වැඩ වර්ජනය සිදුකරනු ලබන්නේ විදුහල්පති සේවයට, ගුරු අධ්‍යාපනඥ සේවයට හා අධ්‍යාපන පරිපාලන සේවයට දේශපාලන හිතවතුන් බඳවා ගැනීමට විරෝධය දක්වමින්.
පාසල් සිසුන් පාසලට පැමිණියද ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුගේ පැමිණීමේ අඩුවක් පවතින බවද වාර්තා වෙයි. විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අධ්‍යාපන පරිපාලන සේවයට සම්බන්ධ නිලධාරින් ඇතුළු පිරිසක් මෙම වැඩවර්ජනයට එක්ව සිටියි.
මෙම වෘත්තීය සමිති නියෝජිතයන් අද පෙරවරු 09 ට පැලවත්ත හන්දියේ සිට පෙළපාලියකින් ගොස් ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකිරීමටද නියමිත බව වාර්තා වෙයි.
ඊයේ (03) පස්වරුවේ මෙම වෘත්තීය සමිති නියෝජිතයන් අගමැතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාද අසාර්ථකවී ඇත.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි කථිකාචාර්යවරු ද අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකරන අතර ඔවුන්ද මෙම උද්ඝෝෂණයට සහභාගී වීමය නියමිතව ඇත.