FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව උණුසුම් වීමෙන් සභාව හෙටට කල් දමයි..

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බවට ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අද (03) දැඩි උණුසුම් විය.
මේ හේතුවෙන් කථානායකවරයා විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව හෙට දින දක්වා කල්තබනු ලැබීය.
රාජ්‍ය ඇමතිවරිය සිදුකළ ප්‍රකාශය පිළිබඳව තමන්ද විනය පරීක්ෂණයක් ද සිදුකරන බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබූ අතර එහිදී එක් අවස්ථාවක කථානායකවරයා ප්‍රකාශ කළේ රාජ්‍ය ඇමතිනිය සම්බන්ධයෙන් ඇය නියෝජනය කරන පක්ෂයද තීන්දුවක් ගත යුතු බවයි.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඒ පිළිබඳව සභාවේ අවධානය වඩාත් යොමු කරනු ලැබීය.