FAST NEWS

24×7 Around the Globe

තැපැල් සේවකයන්ගෙන් නැවතත් රතු නිවේදනයක්..

ජුනි මාසයට නියමිත තැපැල් සේවකයින්ගේ වැටුප ලබානොදුනහොත් යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තී සමිති එකමුතුව පවසයි.
මෙම වෘත්තීය සමිති එකමුතුවේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ පසුගියදා වර්ජනයේ නිරත වූ සේවකයින්ගේ දින 06ක වැටුප් ලබානොදීමට ද තීරණය කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ඊයේ (02) දිනයේ දී තැපැල් බලධාරීන් ලිඛිතව දැනුවත් කළ බව චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.