FAST NEWS

24×7 Around the Globe

මරික්කාර්ට අයත් වාහනයක් පැහැර ගැනේ.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්.මරික්කාර් මහතාගේ ප්‍රචාරක රථයක් දෙදිනකට පෙර කොළොන්නාවේදී පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

කුලියට ගත් මෙම වාහනය හිමිකරුගේ නිවස ඉදිරිපිට රාත්‍රියට ගාල් කර තිබියදී අතුරුදන්වී ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.