FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත්කර ඇත.
ජනාධිපති නිල නිවසේදී ඊයේ (02) රාත්‍රියේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රි.ල.නි.ප නිළධාරි මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
මීට පෙර ශ්‍රි.ල.නි.ප මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළේ ආණ්ඩුවෙන් ඉවත්වු 16 කණ්ඩායම නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාය.
ඊයේ (02) රාත්‍රී පැවති ශ්‍රි.ල.නි.ප නිලධාරි මණ්ඩලය තුල කටයුතු කරන මන්ත්‍රීවරුන් 8 දෙනෙක් 16 කණ්ඩායම නියෝජනය කරති. ඉන් එස්.බී.දිසානායක මහතා ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත බැවින් නිලධාරි මණ්ඩල රැස්වීමට සහභාගි නොවන බව තමාට දුරකතනයෙන් දැනුම් දුන්නේ යැයි ශ්‍රි.ල.නි.ප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා නිලධාරී මණ්ඩලයට දැනුම් දී ඇත.
එහෙත් 16 කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන් 06 දෙනෙකු රැස්වීමට සහභාගි වන බවට දැනුම් දීමක් කර නැත. පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල හා කටයුතු සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී දීර්ඝව සාකච්ඡාක් කර ඇත.