FAST NEWS

24×7 Around the Globe

මාතර සිද්ධියේ සැකකරුවන් පලාගිය මෝටර් රථය සොයා ගනියි..

පසුගියදා මාතර ප්‍රදේශයේ සිදුවූ ස්වර්ණාභරණ කොල්ලය සඳහා පැමිණි සැකකරුවන් පලාගිය මෝටර් රථය මෝරගහහේන – තලගල ප්‍රදේශයේදී අද අලුයම සොයාගැනීමට සමත් වී ඇත.
මෝටර් රථය සමඟ පුද්ගලයෙකුද මේ සමග අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටියේය.
ත්‍රීරෝද රථ රියදුරෙකු වන මෙම පුද්ගලයාගේ බිරිඳගේ නමට අදාළ මෝටර් රථය ලියාපදිංචි කර ඇති බවයි මූලික විමර්ශණවලදි අනාවරණය වී තිබේ.
එමෙන්ම සැකකරු මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියේ දී පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ කොස්ගොඩ තාරක නැමැත්තා සමඟ සමීප හිතවත්කමක් පවත්වාගෙන යන අයෙකු වන අතර මෙම කොල්ලය සැළසුම් කර ඇත්තේද ත්‍රිරෝද රථ රියදුරා පදිංචි හොරණ – මොරගහහේන – තලගල නිවසේදී බව අනාවරණය වී ඇත.