FAST NEWS

24×7 Around the Globe

සජින්ට අදත් ඇප නෑ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන තමාට ඇප නොදීමට එරෙහිව ගොනු කළ ප්‍රතිශෝධන අද කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එන්.රණවක මහත්මිය ප්‍රතික්ෂේප කළාය.

රිමාන්ඩ් භාරයේ සිටින සජින් වාස් ගුණවර්ධන මීට පෙර කොටුව මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප ඉල්ලා තිබූ අතර ඔහුට ඇප ලබාදීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කළේය.

එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම අද විභාගයට ගැනුණු අවස්ථාවේ විනිසුරුවරිය එම නියෝගය ලබාදුන්නාය. ඒ අනුව ඔහු තවදුරටත් රිමාන්ඩ් භාරයේ පසුවෙයි.