බස්නාහිර පළාත් සභා මන්තී‍්‍රනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ඇතුළු කණ්ඩායමක් තම නිවසට පැමිණ දේපළවලට අලාභ හානි සිදුකළ බවට රාජගිරිය පොල්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකාරිනියක් චෝදනා කර සිටියි.
ඊයේ (09) පස්වරුවේ අත්පති‍්‍රකා බෙදීමේ වැඩසටහනක් අතරවාරයේ ඇති වූ ගැටුමකින් පසු මෙම පහරදීම සිදුවූ බවයි ඇය වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් පොලීසියට මෙන්ම මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණිලි කළ බව මෙම කාන්තාව පවසයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තවමත් තමන් වෙත වාර්තා වී නැතැයි පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.







