ජනාධිපති ආරක්ෂක අංශය කඩින් කඩ විසුරුවා හැරිමින් ඒ වෙනුවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ සති දෙකක් ඇතුළත එම කටයුත්ත සම්පූර්ණයෙන් අවසන් කිරීමට නියමිත බවයි.
පී.එස්.ඩීයේ ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ වෙනත් තනතුරකට පත් කෙරෙනු ඇති අතර පී.එස්.ඩීයේ සේවය කරන පන්දහසක පමණ පිරිස වෙනත් පොලිස් ස්ථානවලට අනුයුක්ත කෙරෙන බව සඳහන්.







