FAST NEWS

24×7 Around the Globe

බ්ලූමැන්ඩල් වෙඩි තැබීමට අදාල මෝටර් රථය හඳුනාගැනේ.

කොටහේන, බ්ලුමැන්ඩල් ප්‍රදේශයේදී පසුගිය දා සිදුවූ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි බව කියන මෝටර් රථය පොලීසිය විසින් හඳුනා ගනු ලැබ තිබේ.

පොලීසිය පවසන්නේ, එය k x 31 49 දරණ කළු පැහැති හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක් බව ය.

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දා අලුත්කඩේ අධිකරණය ඉදිරිපිටදී විදානගමගේ අමිල නමැත්තා අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පැවසී ය.

කායවර්ධන උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන අදාළ පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරගත් කරුණු ඔස්සේ අනෙක් ප්‍රධාන සැකකරුවන් සහ ආයුධ සොයා ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර පාතාල කණ්ඩායම් ඇතුළු බලපතළ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව වහා ම තොරතුරු එක්රැස් කර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දියත් කරන ලෙසට පොලිස්පතිවරයා පොලීසියට උපදෙස් දී ඇත.