FAST NEWS

24×7 Around the Globe

පොලිස්පතිට එරෙහිව අධිකරණ ඇමතිගෙන් මැකොට ලිපියක්.

මැතිවරණ නීතියට පටහැනිව කටයුතු කිරිමේ සිද්ධියක් පිළිබඳව දන්වමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යවා තිබේ.

එම ලිපියේ දැක්වෙන්නේ මහරගම සහ කොට්ටාව ආශ්‍රිත ප්‍රදේශවල ව්‍යාප්තව පැවති මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට කාර්යක්ෂමව කටයුතු කළ කොට්ටාව පොලිසියේ සී.ටි. ගලගෙදර නැමති උපපොලිස් පරීක්ෂකවරයා මැතිවරණය ප්‍රකාශයට පත් කළ කාලසීමාවේ මිරිහානට ස්ථාන මාරුකර යවා ඇති බව ය.

මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අපරාධකරුවන් එක්තරා දේශපාලනඥයෙකුට උදව් කිරීමේ කොන්දේසියක් ලෙස මෙම ස්ථාන මාරුව සිදුකර ඇතැයි දැනගන්නට ලැබුණු බව ද විජයදාස රාජපක්ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.

අධිකරණ අමාත්‍යවරයා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටින්නේ, මත්ද්‍රව්‍ය මැඩලීමට කාර්යක්ෂම ලෙස කටයුතු කළ මෙම නිලධාරියාගේ ස්ථාන මාරුව වහා අවලංගු කිරීමට පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස යි.