FAST NEWS

24×7 Around the Globe

ඇමැති රාජීතගේ පුතුට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගනී.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුතකු වන එක්සත් සේනාරත්න තම දියණිය බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බව කියමින් ඇමැතිට ද, ඇමැති බිරියට සහ පුතාට ද එරෙහිව ගොනු කර ඇති නඩුව ඉල්ලා අස්කර ගන්නා බව දැරියගේ පියාගේ නීතීඥවරු අද (07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්හ.

එම ඉල්ලීම තහවුරු කර ගැනීම සඳහා ලබන 28 වැනි දා නඩුව නැවත කැඳවිමට නියමිතය.