FAST NEWS

24×7 Around the Globe

12 හැවිරිදි දැරියකට ලිංගික අපයෝජන කිරීමට තැත් කළ සෙබලු කොටු වෙති.

බකමුණ සිරිකදුරුයායේ නිවසකට රාති‍්‍ර කාලයේ ඇතුළු වී 12 හැවිරිදි ගැහැණු ළමයෙකුට අතවර කිරීමට තැත්කිරිමේ චෝදනාවකට අනුව යුධ හමුදා සෙබලුන් තිදෙනෙක් බකමුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අතවරයට ලක් වී ඇතැයි කියන දැරියගේ නිවසට පැමිණි සැකකරුවන් ඇය අවදිකර නිවසේ පිටුපසට ගෙන ගොස් අතවර කර ඇතැයි පොලිසිය පවසයි.

පැමිණිලිකාරිය හා ඇයගේ නැගණිය කෑගැසූ පසු සැකකරුවන් පලාගිය බව පොලිසියට පවසා ඇතැයි ද සදහන්.

සැකකරුවන් අද හිගුරක්ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.