FAST NEWS

24×7 Around the Globe

හිරුණිකා ඇතුළු 4කට සන්ධානයේ සමාජීකත්වය අහිමී වෙයි.

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ, වඩවේල් සුරේෂ් සහ නිරෝෂා අතුකෝරල යන මහත්මහත්මීන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙනවා.

කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා මේ බව කියා සිටියා.

ඔවුන් මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට තරග වැදීම නිසා මෙම තීරණය ගත් බවයි සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේ.