මහියංගන පූජානගරයේ ජලසම්පාදන ව්‍යාපෘතියක් සදහා ජල නල එලිම සදහා කාණු හාරමින් සිටි පිරිසකට බෝක්කුවක් අසල තිබී ජීව අත් බෝම්බයක් හමු වී ඇත.
ඒ සම්බන්දයෙන් මහියංගන පොලිසිය දැනුවත් කිරිමෙන් පසු විශේෂ කාර්ය බළකාය වෙත දැනුම් දී ඇත්තේ එය නිෂ්ක්‍රිය කිරිම සදහාය.
මහියංගන පොලිසිය සිද්ධිය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කරයි.
මෙම ජීව අත්බෝම්බය මෙම ස්ථානයට කව්රුන් විසින් කවදා, කුමක් සදහා ගෙනවිත් දමන්නට ඇතිද යන්න පිළිබද මහියංගන පොලිසිය විසින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.







