FAST NEWS

24×7 Around the Globe

ශ්‍රිලනිප වාරණය අධිකරණය තවදුරටත් දිර්ඝ කරයි.

පක්ෂ නායක ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ අනුමැතියකින් තොරව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවීම වළක්වාලමින් කොළඹ දිසාඅධිකරණය නිකුත් කර තිබූ වාරණ නියෝගය අගෝස්තු 24 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

ඒ ඊට අදාළ නඩුව දිසා අධිකරණයේදී අද (07) කැඳවූ අවස්ථාවේදීයි.

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු ගොනුකළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව පසුගිය 15 වනදා කොළඹ දිසා අධිකරණය මුල්වරට මෙම වාරණ නියෝගය නිකුත් කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභාවක් හදිසියේ කැඳවා ඇති බවට ලැබී තිබූ තොරතුරකට අනුව ඊට අදාළ පෙත්සම ගොනුකර තිබුණි.