FAST NEWS

24×7 Around the Globe

පොලිස්පති ඉල්ලා අස්විය යුතුයි – සුජීව සේනසිංහ

තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ඉල්ලා අස්විය යුතු බවත්, යහපාලනය හේතුවෙන් රටේ නිලධාරීවාදයක් ඇතිවිය හැකි බවත් අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කියයි.

ඊයේ (05දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.

“මේකද යහපාලනය කියන්නේ. අපි යහපාලනය නිලධාරීන්ට දීලද? අපි පොලිස්පතිට, එස්.එස්.පී.ලට ඩි.අයි.ජී.ලට දීලා තියෙනවද ඕන ඕන දේක කරන්න. යහපාලනය භයානකයි.  යහපාලනය නිසා මේ රටේ නිලධාරීවාදයක් ඇති වෙන්න පුළුවන්.

විශේෂයෙන්ම පොලිස්පතිතුමා ඉල්ලා අස්වෙන්න ඕන. තාජුදීන්ගේ මරණය. මේකේ අනුර සේනානායක හිටියේ. පොලිස්පති හිටියේ. මේ සියල්ල යට ගැහුවා. මිනී මැරුම හොයා ගන්න බෑ මේ ඉන්න පොලිස් පතිට. අපේ පක්ෂයේම කණ්ඩායම් නායකයෝ තමයි පොලීසියේ පත්කිරීම් පත්කර තිබෙන්නේ”