FAST NEWS

24×7 Around the Globe

මන්ත‍්‍රී ලක්‍ෂමන් වසන්තට ඇප..

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා රුපියල් ලක්ෂ දෙක හමාරක ශරීර ඇප මත අද මුදා හැරිණ.

ඒ, මාතලේ මහේස්ත‍්‍රාත් සම්පත් ගමගේ ලබාදුන් නියෝගයකට අනුවයි.

එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ඔහු පසුගිය දා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.