FAST NEWS

24×7 Around the Globe

චන්ද්‍රිකාගෙ ප්‍රකාශනයට ජනකගෙන් විරෝධය.

හිටපු ජනාධිපිතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊයේ (05දා) මාධ්‍ය හරහා කළ ප්‍රකාශය හෙළා දැකින බවත්, එතුමි එජාපයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස තමන්ට පෙනෙන බවත් හිටපු ඇමති ජනක බණ්ඩාර මහතා අද (06දා) දඹුල්ලේදී  මාධ්‍ය හමුවක් පවත්වමින් කීවේය.

“හිටපු ජනපතිනිය මාධ්‍ය හරහා ප්‍රකාශයක් කළා. ඒක දැකපුවාම මම ඉතාම කනගාටුවුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැපවෙලා ඉන්න අපිවගේ අයට ලොකු වේදනාවක් ඇතිවුණා. චන්ද්‍රිකා මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක්. එතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවැඩක් වන ප්‍රකාශක් කිරීමෙන් ලොකු ගැටලුවකට මැදිවෙනවා.

නමුත් ජනතාව බුද්ධිමත්. මේ ප්‍රකාශය කළේ මහින්ද රාජපක්ෂයට තියෙන ක්‍රෝධයට කියලා අපි දන්නවා. ජනතාව මේ වෛරක්කාරී දේශපලානයට තිත තියන්න මැදිහත්වෙයි. පුද්ගලික ප්‍රශ්න ඉස්මතු කරගෙන පක්ෂයට අවැඩක් කිරීම ගැන අපි කැමති නෑ. ඒ වගේ ප්‍රකාශ අපි හෙළා දකිනවා. අපි ප්‍රාර්ථනා කරනවා චන්ද්‍රිකා මැතිණියට ඉදිරියටවත් නිවැරදි දක්මක් ලැබේවායි කියලා. අපිට දැන් එතුමියව පෙනෙන්නේ එජාපයේ මාධ්‍ය ප්‍රකාශක වගේ”