විල්පත්තුවේ සිදුකළ නීති විරෝධී වනාන්තර කැපීම සහ නීති විරෝධී නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් සැප්තැම්බර් 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන්ට අභියාචනාධිකරණය ඊයේ (4) නොතීසි නිකුත් කළේය.
ස්වභාවික යුක්ති කේන්ද්‍රය විසින් බදියුදීන් ඇමැතිවරයා ඇතුළු 6 දෙනකු වග උත්තරකරුවන් කරමින් ගොනු රිට් පෙත්සම විභාගයට ගත් අභියාචානාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා හා එච්.සී.ඩී.මඩවල මහත්මිය එම නියෝගය නිකුත් කළහ.
මෙම අභියාචනාධිනකරණයෙන් නොතීසි නිකුත් කිරීම සම්බන්ධව මාධ්‍ය වෙත තම මතය පැහැදිලි කීරිම සඳහා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අද (05) කර්මාන්ත කටයුතු හා වානිජ අමාත්‍යශයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි.
එහිදි අදස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කර සිටියේ තමන්ට අධිකරණය හමුවේ පෙනී සිටිමට නියෝග කිරීම විල්පත්තු ගැටලුව සම්බන්ධයෙන් සිය නිර්දොෂිභාවය ඔප්පු කිරීමට ඉතා හොඳ අවස්තාවක් බවය.
මෙම විල්පත්තුවේ පවුල් පදිංච් කළ කොටස තුල 1906 සිට ජනාවාස පැවති බවට තමන් සතුව සාක්ෂි පවතින බවත්
1990 ජන්දහිමී නාම ලේඛනය තුලින් මෙහි ජනාවාස පෙර සිටම පැවති බවට තහවුරු කිරීමට හැකියාවක් පවතින බවත් අමාත්‍යවරයා අවධාරණය කලේය.
එසේම පසුගිය රජයේ සමයේ කළ මෙම විල්පත්තු පදිංචි කිරීම් සමස්ත රටේ අනෙක් අවතැන් වු පවුල් පදිංචි කළ ක්‍රමවේදයට අනුව තමන් විල්පත්තුවේ නැවත පදිංචි කිරීම් සිදුකල බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
එසේම මෙම විල්පත්තු නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ගැටුලුකාරී තත්වයන් මවා පාමීන් කටයුතු කරන්නේ රට තුල සිටින අතැම් අන්තවාදී සංවිධාන බවත්,විල්පත්තු සිද්ධිය මාධ්‍ය තුලන් වාර්තා කිරීමේදි අතැම් මාධ්‍ය ආයතන නිසි ලෙස ක්‍රියා නොකරන බවද අමාත්‍යවරයා මෙහිදි පැවසීය.
තමන්ට නිර්නාමීක ඇමතුම් මගින් නිරන්තරයෙන් තමාට මරණ තර්ජන එල්ල වන බවත්,ඇතැමුන් කප්පම් ඉල්ලා සිටින බවත් සඳහන් කළ අමාත්‍යවරයා මෙම තත්වයන් සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමට නුදුරේම මාධ්‍ය සාකච්ඡාවක් කැඳවන බව මෙහිදි වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
[youtube url=”https://www.youtube.com/watch?v=k06ZVrj3i2U” width=”560″ height=”315″]
[youtube url=”https://www.youtube.com/watch?v=64KzMV25EFo” width=”560″ height=”315″]







