FAST NEWS

24×7 Around the Globe

හිටපු සන්ධාන නියෝජ්‍ය අැමති ප්‍රේමසිරි එජාපයට.

එක්සත් ජනතා නිදහස් සන්ධාන 2005 රජයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වු ලයනල් ප්‍රේමසිරි මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ගාල්ල හබරාදුව එක්සත් ජාතික පක්ෂයේ ජනරැලියකදි හිටපු ඇමතිවරයා මෙලෙස එජාපය සමග එක්ව ඇත.

ලයනල් ප්‍රේමසිරි මහතා 2010 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගාල්ල දිස්ත්‍රීක්කයට තරගකර පරාජයට පත්ව ඇත.