FAST NEWS

24×7 Around the Globe

අධිකරණ නියෝජ්‍ය ඇමැතිට හෝමාගම උසාවියෙන් නොතීසි.

හබරකඩ එජාප ඡන්ද රැස්වීමක දී පොලිස් කොස්තාපල්වරයකුට බැණ වැදුණු බව කියන අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාට ලබන 12 වැනි දා හෝමාගම උසාවියේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙනිය මහතා අද (05) නියෝග කළේය.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ සේනසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකට පෙනී සිටින හෙයින් අද නොපැමිණි බවයි.

දීර්ඝ දිනයක් දෙන්නැයි ඔහුගේ නීතීඥවරයා ඉල්ලා සිටි නමුත් පොලිසිය ඊට විරුද්ධ විය.