FAST NEWS

24×7 Around the Globe

ඔප්පු කළොත් පිහියක් අරගෙන මගේ බෙල්ල කපාගන්නවා – මහින්ද

සිය පොරොන්දු පත්‍රිකාවේ තිබෙන සියලු දෑ ඉටුකිරීමට මුදල් තිබෙන බවත්, තමාට ඇමෙරිකානු ඩොලර් බිලියන 18ක් නොව එක ඩොලරයක් හෝ තිබෙන බව ඔප්පු කළ හොත් පිහියකින් බෙල්ල කපා ගන්නා බව හිටපු ජනපති, කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපෙක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

පෙරේදා (03දා) හොරණදී පැවැති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.

“අපේ පොරොන්දු පත්‍රයේ තියෙන සියලු කාර්යයන් කිරීම සඳහා අපට මුදල් තියෙනවා. මුදල් සොයාගන්න හැටි අපි දන්නවා. අනිත් එක බැරිවුණොත් අර මගේ එකවුන්ට් එකේ තියෙන බිලියන 18 කොහෙන් හරි හොයලා දුන්නම. නිකන් නෙමෙයිනේ ඇමෙරිකානු ඩොලර් නේ. විලිලැජ්ජා නැති මිනිස්සු. මම කිවුවා මනුස්සයෝ එක ඩොලරයක් තියෙනා කියලා ඔප්පු කළොත් පිහියක් අරගෙන මගේ බෙල්ල කපාගන්නවායි මම කියලා.”