FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණ තැපැල් ඡන්දයේ දෙවැනි අදියර අද හා හෙට.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ දෙවැනි අදියර අද (05දා) සහ හෙට (06දා) යන දෙදින තුළ පැවැත්වේ.

තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා 566,823 දෙනෙකු සුදුසුකම්ලබා තිබේ.

ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහ පොලිස් නිලධාරීන්ගේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම 03 වැනිදා පැවැත්විණි.

අද සහ හෙට යන දෙදින තුළ අනෙකුත් රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද භාවිතා කළ හැකි අතර, 03 වැනිදා සහ අද හෙට ඡන්දය භාවිත කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයන් සඳහා 08 වැනිදා දිනය වෙන්කර තිබේ.

මෙදින ඡන්දදායකයා පදිංචි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරී කාර්යාලය තුළදී තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබාදී ඇත.